එන්න අපිත් එක්ක කණට ගහන්න.....

ඔයාලා දකින කණට ගහන්න ඕන සාදාරණ සිදුවීම් අපිට ලියන්න. නාමිකව හෝ නිර්නාමිකව ලියන්න. නම ගම පල නොකර අපි ‍ඔබේ ලිපිය පල කිරිමට සුදානම්...අපිට එවන්න මේ විද්‍යුත් ලිපිනයට... kanepara@ymail.com

හොයන්න

Loading...

නිතර යන එන අය

දැරිය දුෂණය කලාට දඩුවම 115000

පල කරන ලද්දේ භුමිපුත්‍රයා Monday, November 9, 2009 2 ක් වු ප්‍රතිචාර

පාසල් යන දැරියක් පැහැරගෙන ගොස් දූෂනය කිරිමේ වරදට දඩුවම් ලෙස ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් රංජිත් විතානගේ නැමැත්තාට රුපියල් 15000 ක ඇප සහ ලක්ෂයක සහතික ඇප මත මුදා හැර තිබේ. ඒ අනුව නිතිය විසින් ඔහුගේ වරදට දඩුවම් දී ඇත. දැරියගේ පිවිතුරු ජිවිතය කෙලසුවාට දිය හැකි දඩුවම නිතිය විසින් දි ඇත. ඒ පිළිබද ගැටලුවක් නැත. එහෙත් දැරියට සාදාරණය ඉටු වුවා යැයි සිතන්න පුලුවන්ද? එම දැරිය මානසික වශයෙන් කොතරම් නම් පිඩනය කට ලක්ව ඇත්ද? පැහැරගෙන ගොස් දැරියක් කෙලසිමට මෙම දඩුවම ලබා දීම පිලිබද සැහිමකට පත් විය හැකිද? ඔබගේ දියනියට,නැගනියට, හෝ බිරිදට මෙසේ වුවානම් 115000 ඇපය සහිත දඩුවම මගින් ඔබ සැනසේද?

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට විරුද්ධව භික්ෂුන් වහන්සේලා පෙල ගැසීමට සුදානම් වන බව හෙලි වේ. එතුමා දේශපාලනයට පැමිනිම වලක්වන ලෙසින් ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් මගින් ඉල්ලීමක් සිදු කරන බවත් එයට එතුමා අවනත නොවන්නේ නම් ඒ සදහා ඔහුට විරුද්ධව සංඝාඥවක් ගෙන එන බවත් සැලවේ. ඒ සදහා දස දහසක භික්ෂුන් වහන්සේලා ප්‍රමාණයක් සහභාගී කරවන බව ප්‍රකාශ වේ. මේ බව ප්‍රකාශ කරන්නේ අස්ගිරි කාරක සංඝ සභික මැදගම ධම්මානන්ද හිමියෝය.

ජෙනරාල් ජාතික සම්පතක් බවත් එතුමා දැන් විජාතික කුමන්ත්‍රන වලට අසුවී ඇති බවත් එතුමා ඉන් බේරා ගැනිම සදහා කල හැකි සියලුම ක්‍රියා මාර්ග ගන්නා බවත් ප්‍රකාශ කරයි. මෙම අවස්ථාවට විමල් වීරවංශ , හරිස්චන්ද්‍ර විජයතුංග , ගුණදාස අමරසේකර ,මැන්දිස් රෝහණ්‍ධීර ආදි පිරිසක් සහභාගී වී ඇත.

පුද්ගලයෙක් දේශපාලනයට පිවිසිම වැලැක්වීමට කරනා ඉතිහාසගත සටනක් දැන් ක්‍රියාත්මක වෙමින් පවතී. ජෙනරාල්ට මෙතරම් බිය වන්නේ ඇයි ? එය ඔහුගේ පුද්ගලික කැමැත්තයි. ඡන්දය දිම හෝ නොදීම අදාල වන්නේ ඡන්ද දායකයන්ටය.

මහ නායක හිමි වරුන් ගැන කතා කර වැඩක් නැතිය. උන්වහන්සේලාගේ කටවල් ඇරෙන්නේ ඡන්ද වලට පමණී. උන් වහන්සේලා රටේ වන අසධාරණයටන්ට විරුද්ධව කතා කරන්නේ නම් උන්වහන්සේලාට හැම විනාඩියක්ම කතා කර කර සිටිය හැකි විය යුතුය. ජනතාවගේ දුක හදුනා ගත් රටේ දියණුවට ක්‍රියා කරන්නේ නම් උන් වහන්සේලා සැබවින්ම සංඝ නායකයන් වහන්සේලාය. උන් වහන්සේලා ඇදහිය යුතු තරම් වටින්නේය. එහෙත් දැන් ඉන්නා සංඝ නායකයන් වහන්සේලා කරන්නේ දේශපාලනයට කඩේ යාමයි.

ලංකාවේ වන සියලු දෙයට ඇගිලි ගහන්නට හැකියාවක් ඇත්තේ භීක්ෂුන් වහන්සේලාටය. ඒ උන් වහන්සේලා ජාතියේ මුර දේවතාවුන් වන නිසාය. භික්ෂුන් වහන්සේලා දේශපාලනයට පිවිසුනේද රට සැදිමටය. අවසානයේ සිදු වුයේ උන් වහන්සේලාගේම දියුනුව සැලසුන එක පමනිය. පුද්ගලයෙකුගේ දේශපාලන අයිතිය නැති කරිමට අනියමින් හෝ ක්‍රියා කිරිමට භික්ෂුන් වහන්සේලාට අයිතියක් තිබේද? එසේ නම් උන් වහන්සේලා ජෙනරාල්ගේ දේශපාලන ආගමනයට විරුද්ධව ක්‍රියා කලාට කම් නැත. රට බේරාගත් මහා උතුමෙක් ලෙස පිරිත් නුල් බැන්දේද උන් වහන්සේලාය. දැන් රට කරවන්න එන්න එපා කියා තහංචි දමන්නේද උන් වහන්සේලාය.

භික්ෂුන් වහන්සේලාගෙන් රටට සමාජයට සිදු වන මෙහෙය අපමණය. එසේ රටට හා මිනිසුන්ට ජාති ආගම් පක්ෂ බේදයකින් තොරව සේවය කරනා භික්ෂුන් වහන්සේලා රටට සම්පතකි. අප සෝම හිමියන්ගේ ශාසනික සේවය දැක්කෙමු. කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන්ගේ සේවයද දකින්නෙමු, අමිතානන්ද හිමියන්ගේ සේවයද අත් දකින්නෙමු, එසේම පිටිදුවේ හිමියන්ගේද උත්සාහයන් අප දකින්නෙමු. මෙසේ නම් නොකියුනු බොහෝ හිමිවරුන් රටට සම්පතකි. එහෙත් මේ මහා යැයි කියා ගන්නා නායක හිමි වරුන්ගේ අගය වන්නේ රටේ දේශපාලන අතකොලු ලෙස ක්‍රියා කිරිම පමණක්ද යන්න සිතේ.

භික්ෂුන් තමන්ට අයත් කාරිය තොරා බේරා ගත යුතුය. පැවිදි වන්නේ ඇයි දැයි හොදින් දැන ගත යුතුය. එසේ නැතිව පැවිද වී සිටිමෙන් පලක් නැත. එය උතුම් පැවිද්දට නින්දාවකි. බුදුරජානන් වහන්සේට පවා කරනා අගෞරවයකි. ආර්ය මහා සංඝ රත්නය දැන් කරන්නේ දේශපාලන අතකොලු වී සිටිනා බව දැකිමද කණගාටුවකි. පැවැද්දන් විසින් සමාජයේ ගැටලු වලට මැදිහත් වුවාට කම් නැත. ඒ එය රටට හා මුලු මහත් මිනිස් ප්‍රජාවටම බලපාන ගැටලුවක් නම්ය. එහෙත් පුද්ගලයෙක් දේශපාලනයට පැමිනෙණවාට උපවාස කරන විට පැවිද්දන් ගැන කුමන කතාද ?

| edit post

කොටි සංවිධානයේ දේශපාලන නායකයා ලෙස කටයුතු කල තමිල් සෙල්වම්ගේ ගුණ සමරුව නොවැම්බර් 07 වනදා ප්‍රංශයේ පැරිස් නුවර පවත්වන බවටත් ඒ සදහා ලංකිකයන්ට සහභාගී වන ලෙසට ලංකා නිව්ස් වෙබ් අඩවියේ දැන්වීමක් පල කර ඇත. තමිල් සෙල්වම්ගේ සමරන්නට ඇති ගුණ මොනවාද දන්නේ නැත. දන්නේ අහිංසකයන් මරා දමන සංවිධානයකට නායකත්වය දිමක් පමණය. සිය ගනනින් බෝම්බ ගසා මරා දැමු පාපතර සංවිධානයකට නායකත්වය ලබා දුන් පුද්ගලයයෙක්ගේ ගුණ සමරිම හිතා ගත නොහැකිය. ලංකිකයන් ලෙසට යුද්ධයේ අත්දැක්ම අප සියලු දෙනාටම දැනි ඇත. ඒ තමිල් සෙල්වම් වැනි කාලකන්නියන් නිසාය. උන්ගේ සමරන ගුණය වන්නේ ප්‍රචන්ඩත්වයයි. ඒ හැර වෙන දෙයක් නැත. සල්ලි වලට කහින උන් දැක ඇත. මහා ලොකුවට දේශ ප්‍රේමිත්වය මවා පාමින් ලංකාව පිලිබද බොහෝ තොරතුරු ලෝකයටම දෙන ලංකාවේ දුෂන පිලිබද හෙලි කරන මෙවැනි වෙබ් අඩවියක මෙවැනි පාහරයකුගේ ගුණ සමරුවක් පල කලේ සල්ලි වලට ඇති කැදර කම නිසාය. සල්ලි දෙනවානම් අම්මා උනත් විකුනන්න මෙවැනි පාහරයන් ලංකාව ගැන ලෝකයටම කියන දේවල ඇත්ත නැත්ත ගැනත් දැන් තිරනය කරන්න වෙලාව උදා වී ඇත.

සෝම හිමියන්ගේ අපවත්වීමෙන් පසුව නැගුන දේශ ප්‍රෙමීත්වයෙන් පල නෙලා ගත්තේ හෙල උරුමයයි. හෙළ උරුමය පාර්ලිමේන්තු ආවේ ලංකාවේ එකම සදහම් රාජ්‍යක් කිරිමටය. එහෙත් තාමත් ලංකාව එසේ වී නැත. හෙළ උරුමයේ දැන් අලුත්ම දේ වන්නේ පල්ලි කඩා බිද දැමීමයි. ඒ අසරණ බෞද්ධ ජනතාව මුලධර්ම වාදීන්ගෙන් බේරා ගැනීමටයි. පසුගිය දිනක සිදුවු මරණයන් දෙකකට වග කිව යුතු මුලධර්මවාදින් නිසා එසේ කලා විය හැකිය.

හෙළ උරුමයට බෞද්ධ අයිතින් හා බෞද්ධයන් බේරා ගැනිමට අවශ්‍ය වන්නේ ඡන්දයක් ලන් වන විටය. මෙතරම් කල් කොස්වත්තේ පැවැති මෙම ක්‍රියාවන්ට හෙල උරුමය කිසිවක් කලේ නැත. දෙදෙනෙක් මිය ගිය පසු දැන් එම ස්ථානය කඩා බිද දමා ඇත. එම ස්ථානයේ නිතියට පටහැනි දෙයක් සිදු වුනි නම් කල යුතු වන්නේ නීතියෙන් ඒ සදහා පියවර ගැනිමයි. එහෙත් සිදුව ඇත්තේ නිතිය තම අතට ගෙන එම ස්ථානය කඩා බිද දැමිමයි. ඒ සදහා කිසිවකුට නිතියට පටහැනි දේවල් සිදු කල නොහැකිය.

අසරණ සිංහල බෞද්ධයන් අන්‍යාගමිකරණයෙන් වලක්වා ගැනිම සදහා පාර්ලිමේන්තු පනත් ඇත. එහෙත් එයින් සිදුවන්නේ කුමක් ද? එය දැන් නිසියාකාරව ක්‍රියාත්මක වන්නේදැයි ගැටලු සහගතය. පනත් වලින් එය කල හැකිද? තමන්ගේ ආගම හෝ දර්ශනය හෝ එහි ශාස්තෲන් වහන්සේලා පිලිබද නොසෙල්වන විශ්වාසයක් නැති කෙනෙක්ට තමන්ගේ ආගම වෙනස් කල හැකිය. මේ අනුව බොදුනුවන් කල යුත්තේ බුදුන් වහන්සේ පිළිබද පැහැදිම ඇති කර ගැනිමය. එසේත් නැතිව කිසිදාක මෙම පනත් මගින් එය වැලැකිවිය නොහැකිය.

විහාර මහා දේවී උද්‍යානයට කිසිවෙක් කිසිවකු බලෙන් ගෙන ගොස් නැත. එසේ ගොස් ඇත්තේ ඔවුන්ගේ කැමැත්තෙනි. එහිදී එහි වගකීම තනිකරම ඔවුන් සතුය. එසේ නැතිව එය වෙන කෙනෙක්ට පැවැරිය නොහැකිය. වැඩසටහන අතර එසේ රෝගී වුවන් සදහා වෛද්‍ය ප්‍රතිකාර ලබා නොදීම වරදකි. ඒ සදහා නිතියෙන් දඩුවම් කල යුතුය. එසේ නැතිව එම ස්ථාන කඩා බිද දැමිම නොවේ.

මේධානන්ද හිමියන් තමන්ගේ වාහන බල පත්‍රය හොර රහසින්ම විකුණු සේක. උන් වහන්සේගේ අනුගාමිකයන් පරිසර අමාත්‍යංශය මගින් හොර වැලි ගොඩ දැමිම්. හොරෙන් ගස් කැපිම වැනි සත් ක්‍රියාවන්ගේ යොමුවනු පෙනෙන්නට තිබිනි. මේධානන්ද හිමියෝ සිහිනෙන් වත් බොරු නොකියන නිසා උන්වහන්සේ දැන් කැළණිය විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ මහින්ද මහතා එහි පුස්තකාලයේ සිටි බව කියමින් තමන් සත්‍ය ගරුක බව ස්වාධින රුපවාහිනියෙන් පෙන්වා දුන් සේක.

හෙල උරුමය හඩක් නැගිම යහපත් දෙයකි. එහෙත් නිතිය අතට ගෙන ක්‍රියා කිරිම හොද නැත. මිත්‍යා ආගමික විශ්වාස තුලින් සිදුවන හානිය ගැන සලකා බලා ඒ සදහා නිතිමය පියවර ගැනිම සිදු කල යුත්තකි. කුමක් කලද එවැනි දේ සදහා යන්නන් ගැන අයිතිය ඇත්තේ ඔවුන්ටමය. නැතිව වෙන කිසිවකුට නොවේය.

ජෙනරාල්ට මෙච්චර බය ඇයි?

පල කරන ලද්දේ භුමිපුත්‍රයා Friday, October 30, 2009 2 ක් වු ප්‍රතිචාර



අද වන විට ලංකාවේ පුවත් මවන චරිතය බවට පත් වී ඇත්තේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතායි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ලගම හිතවතකු ලෙස බොහෝ කලක් සමීපව කටයුතු කල මෙතුමා දශක තුනක් තිස්සේ උඩු දුවන ලැබු යුද්ධය නිමාවට පත්කල යුධ හමුදාපතිවරයාය. අද වන විට බලතල නොලැබුනද ආරක්ෂක මාණ්ඩලික නිළධාරි තනතුරට පත්වී ඇත.

යුධ ජයග්‍රහනයෙන් පසුව සරත් ෆොන්සේකා මහතා කෙරෙහි දක්නට ලැබුනේ හොද ආකල්පයක් නොවන බව ලංකාවම දන්නා ප්‍රසිද්ධ රහසකි. අද වන විට මෙම තත්වය තවත් බැරුරුම් වී ඇත. අද එතුමාට දක්වන සැලකිල්ල ඉතා පහත්ය. එතුමාද ඒ බව කිහිප වරක් ප්‍රකාශ කර ඇත.

ආචාර්ය ඇමති මර්වින් සිල්වාට අනුව දුටුගැමුණු නැතිව නනද්මිත්‍රලා යුද්ධය දිනන්නේ නැත. සරත් ෆොන්සේකලා එදත් හිටියත් යුද්දේ නැවතුනේ නැත. ඒ සදහා මහින්ද මහතාම එන තුරු ඉන්න සිදුවිය. මහින්ද ආ පසු සරත්ලා හිටියත් නැතත් යුද්ධය ඉවර වන බව ඇමතිතුමාට අනුව පෙනේ. එහෙත් මහින්දලා එදත් හිටියා අගමැතිලා වෙලා ඒත් ඉවර උන යුද්ධයක් නැති බව එතුමා දැන ගත යුතුය.

අද වන විට රජයේ මාධ්‍ය ජෙනරාල් වරයාගේ කිසුදු ප්‍රකාශයක් පල කරන්නේ නැත. එය එතුමාට පමණක් නොව එතුමාගේ බිරිදටද වලංගු වී ඇත. එතුමියගේ කිසිදු ප්‍රකාශයක් පල නොකරන බවට දැනුම් දී ඇත.

එමෙන්ම ජෙනරාල්වරයාගේ නැයැන්ට ද මෙම තර්ජනයන්ට මුහුන දිමට සිදුවී ඇත. ඒ පසුගිය දිනක ශවේන්ද්‍ර සිල්වා මහතාට අයත් පුද්ගලික ආරක්ෂක සේවයේ සේවකයන් විසින් ජෙනාරාල්ගේ නැදැවරයෙකුට පහර දීමෙනි. මෙසේ ජෙනරාල්වරයාට වෙනස් කම් කරන්නේ ඔහු මිලග ජනාධිපතිවරනයට අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් විම වැලැක්විමට බව පෙනේ.

ජෙනරාල්ට හිතවත් යුධ පුවත් ආවරණය කල මාධ්‍ය වේදින් බොහෝ දෙනෙක් දැන් එම මාධ්‍ය ආයතන වල වෙනත් අංශ වලට මාරු කර ඇත. එමෙන්ම වත්මන් හමුදාපති තුමාද ආණ්ඩුවට කඩේ යමින් ජෙනරාල්වරයා ගැන කිසිවක් සදහන් නොකර ජනාධිපතිතුමා හා ආරක්ෂක ලේකම් තුමා ගැන පමනක් සදහන් කරමින් දිනු යුධ ජයග්‍රහනයක් පිලිබද ප්‍රකාශ කර ඇත.

මේ අතර ජෙනරාල්වරයා සමග රාජිත සේනාරත්න ඇමතිතුමා බොහෝ සේ කරුණු සාකච්ඡා කර ඡන්දයට ඉදිරිපත් නොවන ලෙසද පවසා ඇත. එමෙන්ම මෙවර ඉරිදා ලංකාදීපයේ පලවන උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ ලිපියෙන්ද දුමින්ද සංජිවගේ ලිපියෙන්ද ජෙනරාල්වරයාට ඡන්දය සදහා ඉදිරිපත් නොවන සේ නොකියා කියා ඇත.

ලංකාවේ විශාල වශයෙන් මේ දිනවල කතාවට ලක්වන සරත් ෆොන්සේකා මහතා ගේ ඉදිරි ජිවිතය දෙස බලා සිටිනවා හැර කිසිවක් කිසිවකුට කිව නොහැකිය. ඒ ලංකාව වනාහි දෙනෝ දාහක් බලා සිටියදී පවා මහ දවල් මිනි මරන රටක් වන නිසාත් බලයට ඇති අසිමිති කැදරකමට ඕනැම දහ දුරා වැඩක් කරිමට කැමති රටක් නිසාත්ය. ඉතිං අපි බලා සිටිමු. ඒ හැර වෙන කුමක් කරන්නද?

එල්ලාවලගේ කෙබරය චාටර් වෙයි....

පල කරන ලද්දේ භුමිපුත්‍රයා Wednesday, October 21, 2009 2 ක් වු ප්‍රතිචාර

එල්ලාවල මේධානන්ද හිමි සහ මැන්දිස් රෝහණධීර මහතාත් එක්ව පසුගිය දිනෙක මහින්ද මහතාට බටර් ගැමට සහ දකුණේ ඡන්ද කඩා ගැනැමට රුහුණේ ඉතිහාසය පිළිබදව ස්වාධින රුපවාහිනියෙන් විකාශය කල වැඩසටහනේ මේධානන්ද හිමියන්ගේ අමුම අමු කෙබරය දැන් හෙලිවී ඇත. ඒ 1959 දි මහින්ද රජපක්ෂ මහතා විශ්ව විද්‍යාලයේ පුස්තකාලයේ වැදගත් තනතුරක් හෙබවු බවත් ඒ මහතා දුටු සෝරත මා හිමියන් අනාගතයේ රජවන බවත් ප්‍රකාශ කල බවයි. මේ පිළිබදව ලංකා නිව්ස් වෙබ් අඩවිය මගින් හෙලි දරව් කරන ලදී. හාමුදුරුවන්ට අනුව මෙය අලංකාර කතාවක් වුවද පැවිද්දන් මෙවැනි බොරු කිම දැන්වත් නොකල යුතුය. ඒ පව කෙසේ වෙතත් ගොන් පාට් වලට දැන් වැඩි තැනක් නැති නිසාය. බැරි සිල් නොගනින් අබරෝ කිවේ මේ නිසාය.

වැඩිදුර කියවන්න ....

| edit post

නැණසලට ගිය කල

පල කරන ලද්දේ භුමිපුත්‍රයා 0 ක් වු ප්‍රතිචාර

නැණසල ව්‍යාපෘතිය ගැමි දරුවන්ට තොරතුරු තාක්ෂණය ලබා දීමේ අරමුනෙන් ජනාධිපති ලේකම් කාර්යාලය හා ICTA මගින් සිදුකරන්නට යෙදුන සත් ක්‍රියාවකි. සැබවින්ම මෙය එකල අගය කල යුතුව පැවතුණි. මෙමගින් ග්‍රාමිය ප්‍රජාව වෙත තොරතුරු තාක්ෂණය ලගා කරවීම ප්‍රධාන අරමුණ වී තිබිනි. ආසියා සංවර්ධන බැංකුව මගින් ලබා ගත් ණය මගින් මෙම ව්‍යාපෘතිය සිදුකරනු ලැබීය. ප්‍රදේශයේ ආගමික ස්ථාන ආදියට මෙමගින් නැනසල ආයතන ලබා දෙනු ලැබීය. නැණසල ආයතන සදහා පරිගණක යන්‍ත්‍ර මුද්‍රන යන්ත්‍ර හා අධිවේගී අන්තර්ජාල සබදතා ලබා දෙනු ලැබීය. මෙම ආයතන ක්‍රියාකරුවන් ලෙස එම මධ්‍යස්ථානය පිහිටි ප්‍රදේශයේ අයෙක් තෝරා පත් කෙරිනි. මෙහිදි ප්‍රධාන වශයෙන් අන්තර්ජාල සබදතා සදහා රජය අති විශාල මුදලක් වියදම් කරනු ලැබිය.

අද වන විට මෙම ව්‍යාපෘතියේ තත්වය පහත රුපය මගින්ම තේරුම් ගත හැකිය. මේ කැගල්ලේ වල් බිහිවු නැනසලක ප්‍රධාන නාම පුවරුවයි.

අද වන විට බොහෝ නැනසල ස්ථාන වල් බිහි වී ඇත. එහි ක්‍රියාකරුවන් අද වන විට එම ස්ථානවලින් ඉවත් වී ඇත. අද ඉතිරිව ඇත්තේ ඉතා සීමිත ස්ථාන කිපයක් පමණි. එහෙත් වසන්නට යෙදුන එම ස්ථාන වලට අදාලව බොහෝවිට අන්තර්ජාල සම්බන්ධතාවයට ගෙවීම් සිදු කරනු ලැබේ. පවත්නා ඒවායේද බොහෝ ගැටලු දක්නට ලැබේ. ඒවායේ ක්‍රියාකරුවන්ට බොහෝ විට නියමිත ගෙවීම් සුදු නොවන අතර නිසි පුහුණුවීම් ද නොකරන බව ඔවුන්ගෙන්ම දක්නට ලැබිනි. ඇතැම් ස්ථාන පුද්ගලික පරිහරනයට පමණක් සිමා වන බවක්ද දක්නට ලැබේ. නිසි පුහුණුවක් ලබා නොදීම, ක්‍රියාකරුවන්ට අවශ්‍ය මුදලක් නොලැබිම ආදි දේ නිසා මෙහි ක්‍රියාකරුවන්ද මෙම නැනසල ස්ථාන අතහැර යන බවක්ද දක්නට ලැබේ. මේවාද මහජන මුදල් නාස්තිවන ක්‍රියාවන්ය.

නැනසල දැයේ දරුවන්ට යහපත් අත්වැලක්ය. එහෙත් එහි කිසිදු පිලිවෙලක් නැත. මේ සම්බන්ධව ක්‍රියා කලයුත්තන් තවමත් නිදිය. අද කනේ පාර ඔවුන් ඇහැරවීම සම්බන්ධවයි...

අතිරේක කියව්ම් සදාහා....
මහා වංචාව
නැනසල අන්තර්ජාල සම්බන්ධතා අවුල

| edit post

මම ගැන....

භුමිපුත්‍රයා
මම ගැන ‍හොයලා වැඩක් නැ නේ නේ.....
View my complete profile

වර්ගීකරණ

කලින් ගහපු කණේ පාරවල්